ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට ලංකාවේ පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් ගිහින්

Local • Published on: 2025-09-27 16:19:14
කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මෙට පොලීසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ දැනට සිදුවෙමින් පවතින විමර්ශන අතරවාරයේ දීයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලීසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවද වාර්තා වනවා.
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා.
ඒ දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධ වෙමිනි.
මෙහෙයුම සඳහා මෙරටින් එක්වූ නිලධාරීන් ඉන්දුනීසියාවේ දී දැඩි වෙහෙසක් සිදු කරමින් දින ගණනක් පුරා වෙහෙසී ක්‍රියාකළ බව නොරහසකි.
ඕලුගල මහතා දින කිහිපයක සිට නොමැති බව දරුන් නැමැති අපරාධකරුට පොලීසියෙන් දැනුම් දී ඇති බවත් ඔහු ඕලුගල මහතාගේ දුරකථන අංක ඔස්සේ IP අංකය පරික්ෂා කර ඇති බවද වාර්තා වනවා.
පසුව දරුන්ට හෙළිව ඇත්තේ ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් ඇති බවයි.
මේ අනුව ඒ සම්බන්ධව සැලවූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එතෙක් රැඳී සිටි හෝටලයෙන් සිට පලා ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුවේ ඡායාරූපයක් කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනයේ තිබී හමු වූ බව පොලීසිය සඳහන් කළා.
පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පොලිසියේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන් කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වමින් මෙලෙස ඔවුන්ට ඔත්තු ලබාදී ඇති බවයි.