×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආබාධිත සිසුන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමේ ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර අවසන් - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

Local  •  Published on: 2025-09-28 03:18:05

මෙරට සිටින ආබාධිත සිසුන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාව මේ බව සඳහන් කළේ විශ්ව විද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේ දී පැවැති සාකච්ඡාවකදීයි.

ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නා සිසුන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ බාහිර උපාධි ලබා ගන්නා උපාධිධාරීන් රැකියා වෙළඳපොල තුළ ස්ථානගත වීම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවයි.

බාහිර උපාධිවල ගුණාත්මක භාවය පිළිබඳව මෙන්ම ඒවායේ තත්ත්වය ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියර ගැනීමට ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන්.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, මෙම අනු කාරක සභාව පිහිටුවනු ලැබූ අතර උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අවශ්‍ය කරුණු සොයාබලා වාර්තා කිරීම එමගින් සිදුකෙරෙනු ඇති.