×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි  •  තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි

අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට

Foreign  •  Published on: 2025-09-29 02:41:57

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු එහි තිබූ වාහනයක් අනතුරට පත්කර පසුව වෙඩි තැබීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සැකකරු විසින් හිතාමතාම දේවස්ථානයේ ගින්නක් ද ඇති කර ඇති බවයි.

වෙඩි තැබීමට පැමිණි සැකකරු 40 හැවිරිදි තෝමස් පේකබ් නම් අයෙක් වන අතර පොලීසිය සමඟ සිදුවූ වෙඩි තැබීමකින් සැකකරු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු මැරීන් බලකායේ ප්‍රවීණයෙකු ලෙස හෙළිව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු විසින් සිදුකළ මෙම ප්‍රහාරය කුමන අරමුණක් යටතේ සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව එක්සත් ජනපදයේ ආගමික ස්ථානවල ආරක්ෂාව තර කිරීමට එක්සත් ජනපදයේ ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අදහස් දක්වා ඇති අතර ඔහු මෙම ප්‍රහාරය හඳුන්වා දී ඇත්තේ කිතුනුවන්ට එරෙහිව තවත් ඉලක්කගත ප්‍රහාරයක් ලෙසයි.