×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට වර්ජනයක

Local  •  Published on: 2025-09-29 15:06:37

විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටළු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් හෙට (3) වර්ජන ක්‍රියමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී කියා සිටියේ ආණ්ඩුවට බලයට පත්වී වසරක කාලයක් ගත වී නමුත් මෙතෙක් රාජ්‍ය විශ්ව  අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බවයි.

අද වන විට රාජ්‍ය අධ්‍යාපනයට කඩා වැටීමේ බරපතළ අර්බුධයකට මුහුණ දෙමින් සිටින බවද ඒ මහතා මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවත්, පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් පිටවී ගොස් ඇති බවත්ය.