×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රන්දෙණිගල ප්‍රදේශයේ බස් අනතුරකින් පුද්ගලයින් 12කට තුවාල

Local  •  Published on: 2025-09-29 15:30:00

රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

අද (29) රාත්‍රියේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

බස් රථය මාර්ගයේ තිබූ ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ බසයෙහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.