×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල අවි ආයුධ ගබඩාවක්

Local  •  Published on: 2025-10-01 12:21:39

යාල ජාතික වනෝද්‍යානයට අයත් භූමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මේ තිබී යුද හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරණ රැසක් අද (01) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සොයාගත් අවි ආයුධ අතර ටී 56 ගිනි අවි සදහා යොදන ටී 56 උණ්ඩ ඇතුළත් මැගසින් 214ක්,LMG ඩ්‍රම්ස් මැගසින් 38ක්, MPMG 200 ගිණි අවි සදහා යොදන උණ්ඩ ඇතුළත් මැගසින් 11ක්, MPMG මැගසීන් 09ක්, ටී 81 ගිණි අවි සදහා යොදන, උණ්ඩ ඇතුලත් මැගසින් 06ක් හා ගුවන් යානා නාශක අවි වලට යොදන 12.7 උණ්ඩ 100ක් ඇතුළත් ඩ්‍රම්ස් 01ක් වන බවයි.

වෙහෙරගල ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයෙකු මෙම අවි ආයුධ වැව් බැම්මේ රළ පනාව අතර තැනින් තැන විසිරි ඇති අයුරු දැක මේ සම්බන්ධව සෙල්ලකතරගම යුද හමුදා නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම කඳවුරේ යුද හමුදා නිලධාරීන් හා ගෝනගංආර පොලීසිය එකතුව මෙම ආයුධ තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මේ වන විටත් සොයාගත් අවි ආයුධවලට වඩා වැඩි ප්‍රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවේ පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.