×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ජනපති අනුර ලබන 22 වනදා අමෙරිකාවට

Local  •  Published on: 2025-09-15 05:26:17

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා සැප්තැම්බර් 22 වනදා අමෙරිකා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරවාරයේ දී අනුර දිසානායක මහතා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

තවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුවීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජනපදයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු ජපාන රජයේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 26 වනදා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වනවා.

ජපන් සංචාරය අතරවාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වන දින ලෝක ප්‍රදර්ශන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වන අතර ජ්‍යෙෂ්ඨ ජපන් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.