×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

විපක්ෂ නායකවරයා සහ IMF නියෝජිතයින් අතර හමුවක්

Local  •  Published on: 2025-10-02 16:12:03

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ IMF නියෝජිත කණ්ඩායම අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණා.

ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක SVAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බව මෙහිදී විපක්ෂ නායකවරයා IMF නියෝජිතයින්ට පෙන්වා දී තිබෙනවා.

ඔහු පෙන්වා දුන්නේ SVAT පහසුකම ඉවත් කිරීම වහාම නතර කරන ලෙසත් ඒ සඳහා පියවරක් ගන්න ලෙසත්ය.

එය අප රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බව සඳහන් ඔහු SVAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එය විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙලක් රජයෙන් බිහිවී නොමැති බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අප රටේ ඇති දුප්පත්කමට විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක නොවන බවත් අස්වැසුම වැඩසටහන තුළින් පාරිභෝජනයට ශක්තියක් ලැබුණත් ආයෝජන ඉතිරි කිරීම් නිෂ්පාදන හා අපනයන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොමැති බවත්ය.