×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආසියානු කුසලානය ඉන්දියාවට තාම ලැබිලා නෑ

Sports  •  Published on: 2025-10-03 09:19:41

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අවසන් වී ඊයේ (2) දිනට දින 4ක් සම්පුර්ණ වුවද, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් සඳහා පිරිනමන පද්දකම් ලැබී නොමැති බව වාර්තා වනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 1 වනදා ඩුබායි හිදී පවත්වා ඇති බව සඳහන්.

මෙහිදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්‍රාහීකයින්ගේ පදක්කම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ රැස්වීමට ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිපදෙනෙක් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.

ඉන්දියාවට කුසලාන ලබාදීම පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි පවසා සිටියේ ඉන්දියාවට කුසලානය ලබාදීමට තමා එදිනම සුදානම්ව සිටි බවත් තවමත් ඒ සඳහා සුදානම් බවත්ය.

"ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්.

ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා".