×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

අලුත් ක්‍රමයට අකමැති නම් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වන්දි අරගෙන යන්න පුළුවන් - බලශක්ති අමාත්‍ය

Local  •  Published on: 2025-09-16 01:38:40

විදුලිබල මණ්ඩලයේ සේවකයන් නව ක්‍රමයට අකමැති නම් වන්දි ගෙන ඉවත්ව යා හැකි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදුලිබල මණ්ඩලය ජනන, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ පද්ධති පරිපාලනය ලෙස ප්‍රධාන ආයතන හතරකට වෙන් කර ඇති බවත් එම මණ්ඩලය ආයතන 4කට කැඩුන ද එහි අයිතිය රජයට ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම මණ්ඩලයේ සේවකයන් එම ආයතනවලට බඳවා ගන්නා බව සේවකයන්ට දැනුම් දීමක් කර ඇති බවයි.

ඒ සඳහා අකමැති කට්ටියට සේවයෙන් ඉවත්ව යෑමේ අවස්ථාව ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "එසේ ඔවුන්ගේ කැමැත්තෙන් සේවයෙන් ඉවත් වන සේවකයන්ට කිසිඳු බේදයකින් තොරව උපරිම රුපියල් ලක්‍ෂ 50 ක් දක්වා වූ වන්දියක් ඉල්ලුම් කර හිමිකරගැනීමේ අවස්ථාව තියෙනවා. විදුලිබල මණ්ඩලය පැවැති ආකාරයටම පැවතියේ නම් අගෝස්තු 17 වැනිදාන් පසුව සේවකයන් 12,000 ක් ගෙදර යැවීමට තීරණය කර තිබූණා.

සියලුම වෘත්තීය සමිති මෙම මස 2 වැනිදා කැඳවා ප්‍රශ්නවලට පිළිතුරු දුන්නත් එම සාකච්ඡාවෙන් පසුව 3 වැනිදා අලුත් ඉල්ලීම් ටිකක් ඉදිරිපත් කර තියෙනවා. විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙළට බාධා කිරීමට යැයි සැක සිතන ප්‍රායෝගික නොවන ඉල්ලීම් ඒවා එහි ඇතුළත්ව තියෙනවා."