×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පළාත් සභා මැතිවරණය ලබන වසරේදී?

Local  •  Published on: 2025-10-04 14:14:36

පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මසට පළමුව පැවැත්වීමට රජය අපේක්ෂා කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම මැතිවරණය සඳහා සමඟි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු වැඩ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.

එම පක්ෂයේ පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරය කිරීමට පසුගිය සතියේ පැවැති එහි නායක මට්ටමේ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මාධ්‍ය විසින් සිදුකළ විමසමකදී රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා කියා සිටියේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.