පැතුම්ගේ විශිෂ්ඨ ඉනිම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

Sports • Published on: 2025-09-16 02:34:42
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඩුබායි හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට ආරාධනා කළා.
මේ අනුව පිටියට පිවිසි හොංකොං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වුණා.
හොංකොං ජවසම්පන්න ලබාදුන් ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා.
ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටුණේ සෙශාන් අලි ලකුණු 23කට දුෂ්මන්ත චමීර යැවූ පන්දුවක් හමුවේ දැවී යාම සමඟයි.
ඉන්පසුව අන්සුමන් රාත් සහ නිසාකත් ඛාන් තුන්වන කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් හොංකොං ඉනිමට සවිමත් කරනු ලැබුවා.
අන්සුමන් රාත් ලකුණු 48ක් සහ නිසාකත් ඛාන් නොදැවී ලකුණු 52ක් රැස් කරමින් හොංකොං කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමට දායක වුණා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවාගත් අතර දසුන් ශානක සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 150ක ඉලක්කයක් පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට හැකි වුණා.
මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා.
හොංකොං කණ්ඩායම වෙනුවෙන් Yasim Murtaza කඩුලු දෙකක් දවා ගැනීමට හැකි වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය සමඟ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියා.
ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වනවා.