×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

LPL තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයනුත් එයි?

Sports  •  Published on: 2025-10-07 05:33:17

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

තරඟ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තරඟාවලියේ 6 වන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සහභාගී වන බවයි.

ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටයි.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලද ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩා කර තිබුණා.

ඉන්දීය සංචිත ගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කිසිඳු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ක්‍රිකට් ලීගයක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවසර ලබානොදීම හේතුවෙනි.

මෙවර තරඟාවලිය හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරඟාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර තරඟාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.