×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

නව වාහන අංක තහඩු ලබාදීම ගැන ප්‍රවාහන ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

Local  •  Published on: 2025-10-08 08:32:36

නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැහැදිළි කිරීමක් සිදු කළා.

පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු 165512ක් ලබාදී නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් පවතින බවයි.

"වාහන අංක තහඩු ලබාදීම අපි සැලසුම් කළාට වැඩිය ප්‍රමාදයක් තියෙනවා. නව වාහන අංක තහඩුවල විශේෂ ආරක්ෂිත ලක්ෂණ 07ක් අඩංගු වෙනවා. මේ ලක්ෂණ 07 ලංකාවේ පරීක්ෂා කිරීම පිළිබඳව අපි භාරදුන්නා මොරටුව සරසවියට. ඔවුන් මාස තුනක වගේ කාලයක් ගත්තා. ඒ වගේම ඔවුන්ට පුළුවන් කියලා ප්‍රකාශ කළේ එයින් 06ක් පමණයි. ඒ නිසා අපි 07 වෙනි එක පිළිබඳ පරීක්ෂා කිරීම ජාත්‍යන්තර වශයෙන් සිදුකරන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රමාදය වෙලා තිබෙන්නේ. ආරක්ෂිත තත්ත්වය වැඩිකිරීමට දරපු උත්සහාය ප්‍රතිඵලයකුත් මේකට එකතුවෙලා තියෙනවා."      

මේ අතර නව රියදුරු බලපත්‍ර ලබාදීම පිළිබඳ මතුවී ඇති ගැටලුව එළැඹෙන 18 වනදා වන විට විසඳන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.