×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ලෝක රන් මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා යයි

Business  •  Published on: 2025-10-08 10:56:46

ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොලේ රන් අවුන්සයක මිල අද (08) ඩොලර් 4000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4011.18ක් ලෙස දැක්වුණා.

මේ අතර අද (08) දින මෙරට රන් මිල ද රුපියල් 6000කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ රුපියල් 290500ක්ව පැවැති කැරට් 22 රන් පවුමක මිල අද (08) දිනයේ රුපියල් 296000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඊයේ (07) දින 314000ක්ව පැවැති කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 320000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝකයේ වඩාත් ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය වන බිට්කොයින් 1ක අගය පළමු වරට ඩොලර් 125000 අගය පසුගිය සතියේ දී ඉක්මවා ගියා.

මේ වන විට රන්මිල 1970 දශකයෙන් පසුව වේගවත්ම වර්ධනයක් සලකුණු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2025 වසරේ ජනවාරි 1 වනදා සිට මේ දක්වා රත්‍රං මිල 50%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය සමග ලොව පුරා පැනනැගී ඇති ආර්ථික අවිනිශ්චිතව මෙම තත්ත්වය තවදුරටත් වැඩිව තිබෙනවා.