×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

බොර තෙල් නැව් තොග 4ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය

Local  •  Published on: 2025-10-08 14:40:14

මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4ක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරි නැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 04 ක් මිල දී ගැනීම සඳහා, ගබඩා ගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති බව සඳහන්.

මේ සඳහා ලංසු 6ක් ඉදිරිපත්ව තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සිංගප්පූරුවේ M/s BB Energy Asia Pte. Ltd. වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.