×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි  •  මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්

Local  •  Published on: 2025-09-16 09:28:28

තමන් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදී ගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණා.

එම ප්‍රචාරය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවයි.

එම ප්‍රචාරයේ කිසිඳු සත්‍යතාවක් නොමැති අතර පක්ෂයද මහජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකරන නොමැති බවද ඔහු පවසනවා.

අමාත්‍යවරයා සිය සටහනෙන් පෙන්වා දෙන්නේ නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය පිළිබඳව හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.