×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

පාස්කු මහ මොලකරු පුවත ගැන පොලිසියෙන් නිවේදනයක්

Local  •  Published on: 2025-10-09 09:27:12

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත් එය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය සත්‍යයෙන් තොර පුවතක් වන බවට අවධාරණය කරන බවත්ය.

අදාළ පුවත සම්බන්ධව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා කරුණු දැක්වීමක් ද සිදුකර තිබෙනවා.

ඔහු කරුණු දක්වමින් පවසන්නේ 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත් එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත්ය.

මේ හේතුවෙන් අදාළ අසත්‍ය පුවත ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊට අදාළව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

මේ සම්බන්ධව අප නැවතත් මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාන් කාරියප්පර් මහතාගෙන් නැවත වරක් වීමක් කළා.

එහිදී ඔහු ඊයේ (08) අප සමඟ සිදුකළ ප්‍රකාශය නැවත වරක් තහවුරු කිරීමක් සිදු කළා.

කෙසේ වෙතත් ඊයේ (08) දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් එම කාරක සභාව හමුවේ ප්‍රකාශ කළ බව මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාන් කාරියප්පර් මහතා පැවසුවා.

ඊයේ (08) රාත්‍රියේ SL Vlog අප නිසාන් කාරියප්පර් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ රවී සෙනවිරත්න මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු විමසීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි.

රවී සෙනවිරත්න මහතා මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සහ බිමල් රත්නායක, හර්ෂණ නානායක්කාර අමාත්‍යවරුන් එම කමිටුවට සහභාගී සිටි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.