×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය මේ මසදී

Local  •  Published on: 2025-10-09 16:02:12

මෙම වසර සඳහා වන  ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම සඳහා පැවැති සැසිවාරවලදී පුද්ගලයින් 500 දෙනෙක් පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය සැප්තැම්බර් මස 18 වනදා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා.

එහි අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (08) දිනයේ පැවැත්වුණා.

එම සැසිවල දී ඉදිරිපත් වූ සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ කොමිසමේ අවසන් තීරණය මෙම මසදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇති.

6.8%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණා.