×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම ගැන CCTV දර්ශන ඔස්සේ විමර්ශන අරඹයි

Local  •  Published on: 2025-10-12 15:11:56

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරීයෙක් නීතිඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම පිළිබඳව අධිකරණ පරිශ්‍රයේ ඇති CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය 10 වනදා නීතිඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේ දී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අනුව මෙම සිදුවීමට අදාළ නීතිඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාර පෑම පිළිබඳව ද පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදුවූ බව කියන පහර දීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

තවද එහිදී පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාරදී ඇති බවද ඔහු සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා,

"හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා".