×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ලැබුණු අධිකරණ තීන්දුව

Local  •  Published on: 2025-10-13 08:19:53

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වච්චනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැන වැදීම පිළිබඳව තවත් B වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තෙක් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවයි.