×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙත පැමිණෙයි

Local  •  Published on: 2025-10-13 10:47:01

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් අද (13) සිදු කිරීමට නියමිතයි.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් වෙත ඊශ්‍රායලය පිරිනමන ඉහළම සම්මානය ද ඔහු වෙත පිරිනැමෙන බවට දැනුම් දෙනු ඇති බවද වාර්තා වනවා.

ඉදිරි කාලයේ දී ඔහුට මෙම පදක්කම පිරිනැමෙනු ඇති.

ඉන්පසුව ට්‍රම්ප් ප්‍රාණඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමට නියමිතයි.

මෙම හමුවලින් අනතුරුව ට්‍රම්ප් ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමට ඒ වෙත යාමට නියමිතව තිබෙනවා.

එම සමුළුව සඳහා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසී, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලොනි, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද සහභාගී වීමට නියමිතයි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව එම කර්තව්‍ය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ බෙන් ගූරියන් ගුවන් තොටුපොළ වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා.

ඔහු පිළිගැනීමට අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සහ ජනාධිපති අයිසැක් හර්සොග් ද ගුවන් තොටුපොළට පැමිණ සිටීම ජාත්‍යන්තර මාධ්‍යයේ විශේෂ අවධානයක් යොමුව තිබුණා.

තවද ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග පිළිබඳව විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ උපදේශක ජෙරාල්ඩ් කුෂ්නර් සහ ට්‍රම්ප්ගේ දියණිය මෙන්ම කුෂ්නර්ගේ බිරිඳ වන ඉවන්කා ට්‍රම්ප් ද මෙලෙස පැමිණි සිටි පිරිසට අයත්.

ඉන් පසු ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන කනාසට් වෙත ගමන් කළා.