×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි  •  මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

ක්‍රිකට් තරඟවලදී අතට අත දීමේ නීතියක් නැහැ - BCCI ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත කියයි

Sports  •  Published on: 2025-09-16 14:05:09

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගියදා ආසියානු කුසලානයේ දී පැවැත්වුණු තරඟයේ දී ඉන්දීය ක්‍රීඩකයින් අතට අත ලබා නොදීමට ගත් තීන්දුව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ද සභාපති වන Mohsin Naqvi X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ICCයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තරඟ තීරක ලෙස කටයුතු කළ Andy Pycroft ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ICCයෙන් ඉල්ලා තිබෙනවා.

පාකිස්ථානය පෙන්වා දෙන්නේ එම තරඟයේ කාසියේ වාසිය උරගා බැලු අවස්ථාවේ දී නායකයින් දෙදෙනාට අතට අත ලබාදීමක් සිදු නොකරන ලෙස තරඟ තීරකවරයා පවසා තිබූ බවයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට අදාළව ICC චර්යාධර්ම සංග්‍රහය සහ MCC නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් PCB ආයතනය ICC වෙත පැමිණිල්ලක් ගොණු කර ඇත.” යනුවෙන් Mohsin Naqvi X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ තිබෙනවා.

ඊට අමතරව ආසියානු කුසලාන තරඟාවලියෙන් තරඟ තීරකවරයා වහාම ඉවත් කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

මෙලෙස තරඟ තීරකවරයා තරඟාවලියෙන් ඉවත් නොකරන්නේ නම් පාකිසථානය මෙවර ආසියානු කුසලානයෙන් ඉවත් වන බවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවට ඇතැම් ක්‍රීඩා මාධ්‍ය වාර්තා පළව තිබෙනවා.

කෙසේ වෙතත් ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි ස්ථාවරයකට තවමත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය එළැඹ නොමැති බවයි.

මේ අතර 2025 ආසියානු කුසලාන තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් අතට අත දිය යුතු බව නීතියක් නොමැති බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

එම නිළධාරියා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා ඉන්දියාව සහ පාකිස්ථාන නායකයින් අතර තරඟයට පෙරදී සහ පසුව සාම්ප්‍රදායික අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දිය කණ්ඩායම ගත් තීන්දුව 2025 ආසියානු කුසලාන තරඟයට වඩා ලෝකයේ අවධානය දිනාගැනීමෙන් අනතුරුවයි.

තරඟයෙන් අනතුරුව ඉන්දීය නායක සුර්යකුමාර් සඳහන් කළේ අප්‍රේල් 22 වනදා ඉන්දියාවේ කාශ්මීරයේ දී පාකිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු විසින් පුද්ගලයින් 26ක්, ඉන්දියාවෙන් සහ විදේශයන්ගෙන් පැමිණි සංචාරකයින් තිදෙනෙක් මහ දහවල් කරන ලද කුරිරු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම පෙනී සිටින බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව ඊට විවේචනාත්මක අදහස් වේගයෙන් ගලා පැමිණිම සමඟ තරඟ විනිසුරු ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ ක්‍රීඩාවට උචිත නොවන හැසිරීම සඳහා ඉන් ඉවත් කරන ලෙසත් පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය ඉල්ලා තිබුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ "බලන්න, ඔබ නීති පොත කියෙව්වොත්, විරුද්ධ කණ්ඩායම සමඟ අතට අත දීම පිළිබඳ එහි නිශ්චිතභාවයක් නෑ. එය ක්‍රීඩවේදී ගෝලීය වශයෙන් අනුගමනය කරනු ලබන සුහද ඉරියව්වක් මිස, නීතියක් නොව සම්මුතියක්" යනුවෙනි.

"නීතියක් නොමැති නම්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දැඩි සබඳතාවක් ඇති විරුද්ධ කණ්ඩායමක් සමඟ අතට අත දීමට බැඳී නෑ" ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.