×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන වැඩකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙයි

Local  •  Published on: 2025-10-15 03:08:02

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ පුළුල් මහජන සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම  අරමුණු කරගත්  'රටම එකට ජාතික මෙහෙයුම' හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අමතරව ඒ සඳහා ජාතික මෙහෙයුම් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව ඇති අතර විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදුවන බවද නිරීක්ෂණය කරනු ලැබ ඇති බව රජය පවසනවා.

ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගීත්වයක් සහිත ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ මෙම උවදුර මුලිනුපුටා දැමීම සිදු කළ යුතු බව හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව එකී ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මෙම උවදුර පිළිබඳව දැනුවත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරනු ඇති.