×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි

Local  •  Published on: 2025-10-16 03:01:12

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 191ක දරණ ගුවන යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.