×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප

Local  •  Published on: 2025-10-16 16:14:40

2019 වසරේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදුකළේ යැයි අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස නැමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබුණා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතර සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.

තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙත කොන්දේසියක් පැනවනු ලැබුවා.

ඉන්පසුව පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 9 වනදා කැඳවීමට ද නියම වුණා.