×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආණ්ඩුවේ අයගේ වත්කම් ගැන සැකයක් තියෙනවා නම් නීතිය ඉදිරියට යන්න - අමාත්‍ය ලාල් කාන්ත

Local  •  Published on: 2025-09-17 02:25:07

අපරාධ නිමිත්තක් උපදවන්නේ කෙනෙකුට දේපළ පැවතීම නොව, උපයා ගත් වත්කමක් උපයා ගත් ආකාරය  තහවුරු කිරීමට නොහැකිවීම මත බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා.

ඊයේ (16) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයක් හමුවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ වත්කම් බැරකම් නීත්‍යානුකූළව භාර දීම යහපත් සංස්කෘතියක් බවයි.

“වත්කම් බැරකම් නීත්‍යානුකූලව භාර දෙනවා. මේ වත්කම් බැරකම් සම්බන්ධව ගැටලුවක් තියවා නම් ඒ සම්බන්ධව ඕනෑම කෙනෙකුට නීතිය එකයි. ජාතික ජන බලවේගයේ ඇමති කෙනෙකුට උනත්, අගමැති වුනත්, මන්ත්‍රීවරු වුනත්, පාර්ලිමේන්තුවෙ නූනත්, ප්‍රාදේශීය සභා නගර සභාවල උනත් කාටත් නීතිය එකයි. මටත් එකයි. රටේ කටයුතු සිද්ධ වෙන්නේ ඒ අනුව.

ජාතික ජන බලවේගය සම්බන්ධව යම් කිසි නිශ්චිත චෝදනාවක් තියනවා නම් ඒ ගැන කටයුතු කරන්නත් නීතිමය ආයතන බැඳිලා ඉන්නවා. නීතිමය ආයතන ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධව කිසිම බාධාවක් නෑ.”