×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මරුට

Foreign  •  Published on: 2025-10-18 03:31:09

පාකිස්ථානය විසින් ඇෆ්ඝනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්ථානයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇති බවයි.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස මියගොස් තිබෙනවා.

ඔවුන් ක්‍රිකට් තරඟයට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති බව සඳහන්.

මේ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සමඟ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වන බවද ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.