×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු වෙයි

Local  •  Published on: 2025-10-21 13:31:33

උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මඟී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දැනුම් දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල හා නානුඔය බලා ධාවනයට නියමිත වූ දුම්රිය ගමන් වාර 4ක් මහනුවර දුම්රිය ස්ථානයෙන් සිට ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

එම ගමන්වාර ආරම්භ කිරීමට නියමිත වේලාවට මෙලෙස මහනුවර දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය කිරීමට නියමිත බවද සඳහන්.

ඊට අමතරව නානුඔය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන ගමන් වාර 4ක් පේරාදෙණිය හා මහනුවර දක්වා ධාවනය කිරීම සිදුවනු ඇති.

උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් මෙම දින තුන තුළ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42කි.

තවද හෙට (22) දහවල් 12 වන තුරුද පහත පරිදි දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බවද දැනුම් දී තිබෙනවා.