×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

Local  •  Published on: 2025-10-22 05:56:31

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ ඔහුගේ බරපතළ තුවාල ලැබුවා.

අනතුරුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.

සභාපතිවරයා හමුවී ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙක් මෙලෙස වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.