×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

මිදිගම ලසා හරක් කටා සමඟ සබඳතා පවත්වලා?

Local  •  Published on: 2025-10-22 09:09:12

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේ දී සමඟි ජන බලවේගයේ තරඟ වැද එහි සභාපතිධූරයට පත් වුණා.

එහිදී එම සභාවේ සභාපති ධූරය දිනා ගැනීම පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා.

පොලීසිය පැවසුවේ දැනට බන්ධනාගාරගතව සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ සමීපතමයෙක් බවට ඔහු හඳුනාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතා අධික්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණා.

පොලීසිය පැවසුවේ සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

අද (22) සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව සඳහන්.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදු පැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළද ඔවුන් අතර රැඳී සිට තිබෙනවා.

ඒ අතරවාරයේ කාන්තාවක් සභාපතිවරයාගේ නිල කාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේ දී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළු වී ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයෙන් පසුව වෙඩික්කරු යතුරුපැදියකින් පළාගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුවූ තිබූ බවයි.

වෙඩි වැදී තුවාල ලබා සිටි සභාපතිවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත් රෝහල්ගත කිරීමෙන් පසුව සභාපතිවරයා මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මියයන විට ඒ මහතා 38 වන වියේ පසුවුණා.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.