×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

හැමතැනම ආරක්ෂා කරන්න ප්‍රතිපාදන නෑ - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

Local  •  Published on: 2025-10-23 03:23:47

පාතාල මර්දනය පිළිබඳව ආණ්ඩුව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අතරතුර පාතාලයට සම්බන්ධ විවිධ පුද්ගලයින් අතර ගැටුම් දැකගත හැකි බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයත් එවැනි අභාග්‍ය සම්පන්න සිද්ධියක් බවත් ඔහු මෙහිදී කියා සිටියා.

“අපි මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැන් ලොකූ වැඩපිළිවෙලක් ආණ්ඩුව කරගෙන යනවා. ඒකට පොලීසියට නිදහස දීලා, ඒ පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ අතරතුර අපි දැක්ක දෙයක් තමයි පාතාලයට සම්බන්ධ විවිධ කණ්ඩායම් ඒගොල්ලො අතර ගැටුම්. කාලයක් අපි දැක්කා එදිනෙදා වගේ ඒවා සිද්ධ වෙනවා, ඒක දැන් අඩුවෙලා තියෙනවා. ඉතින් අද ඒ වගේ අභාග්‍ය සම්පන්න සිද්ධියක් වෙලා තියෙනවා. මම හිතනවා ඒ පිළිබඳ පොලීසිය ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගනීවි කියලා. ප්‍රාදේශීය සභාව විතරක් නෙවෙයි මේ හැමතැනම අනාරක්ෂිතයි අපේ රටේ. ඉතින් ඒ ආරක්ෂාව තර කරලා තියෙන්නෙ. සාමාන්‍ය ජනතාවට එහෙම තර්ජනයක් තිබිලා නැහැ. ඒක හින්දා අපි නිදහසේ යනවා. නමුත් පාතාල කණ්ඩායම් ආයුධ සහිතව ඉන්නවා. ආරක්ෂාව අවශ්‍ය කට්ටියට ආරක්ෂාව දීලා තියෙනවා. ඉතින් එහෙම නැතිව හැමතැනක්ම ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපාදන නැහැ. නමුත් මේ කියන පාතාලය තුරන් කිරීමට අපිට ටික කාලයක් යයි. ඉතින් ඒක තමයි ආණ්ඩුව වගකීමක් අරන් තියෙන්නෙ”