×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ලබන වසරේ සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාවක්

Local  •  Published on: 2025-10-23 06:10:15

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ 2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවයි.

පුර්ව ළමා විය විෂය මාලා රාමුව මේ වන විට සම්පුර්ණ කර අවසන්ව ඇති බවත් 19000කට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 වනදා ආරම්භ කිරීමට නියමිත බවද ඇය මෙහිදී පැවසුවා.

අගමැතිවරයා සඳහන් කළේ මෙහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදුකරන අතර එමඟින් නව විෂය මාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවයි.

අග්‍රාමාත්‍යවරිය මන්ත්‍රීවරුන් හමුවේ පැවසුවේ පාසල් කිසිවක් නොවසන බවත් පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත්ය.

මෙමඟින් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබාදීමේ අරමුණින් සිදුකරන බවද ඇය කියා සිටියා.