×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රොටුඹ අමිලත් ළඟදීම මෙරටට?

Local  •  Published on: 2025-10-24 02:16:26

රුසියානු ආරක්ෂක අංශ භාරයේ සිටින පාතාලයේ අපරාධකරුවෙකු වන රොටුඹ අමිලට එරෙහිව රුසියානු අධිකරණය හමුවේ දැනට විභාග වන නඩුව අවසන් වන තෙක් ඔහුව මෙරටට භාර නොදෙන බව මෙරට ආරක්ෂක අංශ වෙත පවසා තිබෙනවා.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රුසියාවට ඇතුළු වී සිටි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයකට අනුව මේ වසරේ මාර්තු මසදීයි.

මෙම පුද්ගලයා රුසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධව නිල දැනුම් දීම රුසියාව විසින් ජාත්‍යන්තර පොලීසිය මඟින් මෙරටට පසුගිය මාර්තු මසදී දැනුම් දී තිබුණා.

රොටුඹ අමිල අත්අඩංගුවට පත්ව අවස්ථාවේදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් ද සිට ඇතත් ඔවුන් ගැන කිසිඳු දැනුම් දීමක් මෙරටට මේ දක්වා සිදුකර නැහැ.

රොටුඹ අමිල සම්බන්ධව එරට අධිකරණයේ නඩු විභාගයක් වන්නේ රුසියානු ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි.

මීට අදාළ නඩුව නැවතත් ලබන මස විභාගයට ගැනීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රොටුඹ අමිල මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කර සියලු තොරතුරු රුසියාවට යොමුකර ඇති බවයි.