×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

කිරිවෙහෙර නාහිමිගේ සහ පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිළි කිරීමක්

Local  •  Published on: 2025-10-24 15:30:04

කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව කරුණු පැහැදිළි කරමින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් යොමු කර තිබෙනවා.

අදාළ වාර්තාව මෙසේයි.

කතරගම මහා දේවාල පරිශ්‍රය, අෂ්ඨඵල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල සඳහා ආරක්ෂාවට පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනෙකු හා එක් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු යොදවා ඇති බව දැනුම් දී ඇත.

කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව සඳහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත අනුයුක්ත කර සිටින නිලධාරීන් 17 දෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුල යුද හමුදා අනුකණ්ඩයක් කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථාන නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඒ අනුව කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන කොඹවක ධම්මින්ද ස්වාමීන්වහන්සේගේ ආරක්ෂාව හෝ පුදබිමෙහි ආරක්ෂාව ඉවත් කර ඇති බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් අසත්‍ය බව වාර්තා කර ඇත.