×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

බදු පොලු තැබූ අරක්කු සමාගම්වලට ඉදිරියේ දී නීති දැඩි වෙයි

Local  •  Published on: 2025-10-26 02:20:55

මත්පැන් නිෂ්පාදනයේ බදු නොගෙවන්නට දැඩි නව නීති ගෙන ඒමට රජයේ මුදල් කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

මේ අනුව බදු නිසි පරිදි නො ගෙවන නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන දින 30කින් නතර කිරීමට පියවර ගනු ඇති.

මෙම කාරක සභාව විසින් අනුමත කර ඇති නව නීති අනුව දින 30ක් ඇතුළත අදාළ බදු නොගෙවන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරකම් නතර කිරීමටත් දින 90ක් ඇතුළත සියලුම බෙදා හැරීම් සහ විකුණුම් නවතා දැමීමටත් තීරණය කර තිබෙනවා.

තවද සභා එකඟතාවය අනුව සුරාබදු පනත යටතේ ශක්තිමත් බදු අය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් බදු ගෙවීම පසු බැසීමක් සහ අදාළ ආදායම් අලාභයක් රජයට සිදුව ඇති බව හෙළි තිබුණා.

එම කාරක සභාව අවධාරණය කරන්නේ දැනට 3%ක පොලී දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය සංශෝධනය කර බදු අය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැදගත් බවයි.

මෙම නව නීති ක්‍රියාත්මක කිරීමෙන් සුරාබදු අංශයේ ආදායම වැඩි කිරීම හා නොගෙවූ ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වනවා.