×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනයක්

Local  •  Published on: 2025-10-26 02:47:45

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතු පසුගිය 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

මෙම වසරේ පෙබරවාරි මස සිට වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නද වාහන 1000කට අධික ගණනක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබුණා.

ඒ 2013 අංක 02 දරන ආනයන හා අපනයන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට පටහැනිව අදාළ වාහන ආනයනය කිරීම හේතුවෙන්.

මෙම නව ගැසට් නිවේදනයට අනුව වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවසර ලැබෙනුයේ ආනයන කරන ලද රටින් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළවන වාහන 1000කට ආසන ගණනක් බව සඳහන් වනවා.

මේ අනුව මෙම වාහන නිදහස් කිරීමට අදාළ කොන්දේසි ගණනාවක් වාහන නිදහස් කිරීමේ දී සහ ලියාපදිංචි කිරීමේදී මෙම ගැසට් නිවේදනය මඟින් ඉදිරිපත් කර තිබෙනවා.