×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සජබයට ගිය එජාප පාක්ෂිකයින් ගැන එජාපය ගත් තීන්දුව

Local  •  Published on: 2025-09-18 01:58:41

සමඟි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය 16 වනදා රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.

ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ දී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇති බව වාර්තා වනවා.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ සමඟි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගත් මෙම පියවර හේතුවෙන් නැවත එක්සත් ජාතික පක්ෂය එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බවයි.

ඊට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී තිබෙනවා.