×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආණ්ඩුවට එරෙහිව මහජන හඬ රැලිය ලබන 21 වනදා නුගේගොඩ දී

Local  •  Published on: 2025-10-27 02:54:55

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධ පවත්වනු ලබන ජනරැළිය මහජන හඬ නමින් නොවැම්බර් 21 වනදා සවස 2ට නුගේගොඩ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධව සවිස්තරාත්මක රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (27) උදෑසන 9.30ට කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික ගණනක් මෙම ජනරැලියට එක්වීමට නියමිත බව වාර්තා වනවා.