×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

පද්මේ ගැන එල්ල වන චෝදනා බොරු - හේෂානි ලියදිපිට

Local  •  Published on: 2025-10-27 11:32:46

කෙහෙල්බද්දර පද්මේ හා තමන් අතර ඇති සබඳතාවයක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සිදුවන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට මහත්මිය පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් පළ කරමින් ඇය මේ බව සඳහන් කරනවා.

ඇය පවසන්නේ රංගන ශිල්පිනියක් ලෙස යම් යම් ප්‍රසිද්ධ ස්ථානයන් හිදී විවිධ පුද්ගලයින් මුණගැසුන ද ඔවුන් සියලු දෙනාම කවුරුන්දැයි පුද්ගලිකව තමා හඳුන්වන්නේ නැති බවයි.

මේ වන විට තමන් විවාහ වී අමෙරිකාවේ පදිංචියට ගොස් ඇති බවත් මෙවැනි අසත්‍ය චෝදනා නිසාවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවත් ඇය මෙහිදී සඳහන් කරනවා.

පොලීසිය සිදුකරන විමර්ශනයකට අදාළව කිසිඳු කරුණක් හරිහැටි නොදැන මෙලෙස සමාජ මාධ්‍ය හරහා තරුණියන් හට පදනම් විරහිත චෝදනා සිදු නොකරන ලෙස ලියදිපිටිය මහත්මිය සිය වීඩියෝවේ දී පවසා සිටිනවා.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ සමඟ සබදතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ තවත් රංගන ශිල්පිනියක් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.