×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

Local  •  Published on: 2025-10-28 02:31:37

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පිළිබඳව අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය 22 වනදා සිය නිල කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණා.

එම ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිද්ධිය පිළිබඳ සැකකරුවන් 6 දෙනෙක් පසුගිය 26 වනදා කැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් තිදෙනෙක් වන බවද පොලීසිය පැවසුවා.

පසුගිය 26 වනදා මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අගුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව වාර්තා වනවා.