×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Sports  •  Published on: 2025-10-28 03:38:06

ඉන්දියාවේ පැවති 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා උණුසුම් අයුරින් කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.

මෙවර තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තරඟාවලියේ අනුශූරතාවය හිමි කර ගනු ලැබුවා.

දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණා.

මේ අතර ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබුවා.