×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

රන් ජාවාරමට බිලි වූ හිස්බුල්ලා

Local  •  Published on: 2025-10-28 10:39:21

පාර්ලිමේන්තුව මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදල් වංචා කිරීමේ චෝදනාවකට ගානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි.

රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධව ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

2023 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලා රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ මුදල ලබා ගැනීමෙන් පසුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමඟ පැවැත්වූ සියලු සබඳතා නවතා දමා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුව නැවතත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත්ව තිබෙනවා.

එම ගණුදෙනුවට නිත්‍යානුකූල බවක් සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බව සඳහන්.

ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කහ පැහැති රත්‍රං බවට සැක කෙරෙන ලෝහ 2ක් ද සොයාගෙන ඇති බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින කැදවිමට නියමිත බවයි.