×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

දිවයින පුරාම වරණය වන CCTV පද්ධතියක් සවි කිරීමේ සුදානමක්

Local  •  Published on: 2025-10-29 05:43:37

කොළඹ නගරයේ සහ රටපුරා විවිධ ප්‍රදේශවල මහ මාර්ගවල ආරක්‍ෂිත කැමරා පද්ධති සවි කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සඳහා අවශ්‍ය කැමරා ප්‍රමාණය සහ ඊට වැයවන මුදල් පිළිබඳව සාකච්ඡා සිදුවන බවයි.

පාතාල අපරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්‍ෂිත කැමරා බොහෝ අවස්ථාවලදී උපකාර වුණා.

ඒ අනුව මෙම කැමරා පද්ධති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද බස්නාහිර, වයඹ සහ උතුරු පළාත මුල්කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමුව තිබෙනවා.

ලබන වසර ආරම්භයේ දී මෙම කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීම අරමුණයි.