ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි

Local • Published on: 2025-09-18 06:33:56
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසනවා.
වත්මන් දියවඩන නිලමේවරයාගේ ධූර කාලය මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.
මේ අනුව නව දියවනද නිලමේවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම මේ වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වූණා.
ඉන් පසුව අවස්ථා දෙකකදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව ඇති බවද සඳහන්.
දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.