දකුණු අප්‍රිකානු ලලනාවෝ ලෝක කුසලාන අවසන් මහා තරඟයට
Sports • Published on: 2025-10-30 02:56:30
එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් වුණා.
ගුවාටිහි දී පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ට ලකුණු 319ක් ලබා ගනු ලැබුවා.
එහිදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායක Laura Wolvaardt පන්දු 143කදී ලකුණු 169ක් රැස් කළා.
ඇයගේ ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.
එංගලන්ත කාන්තා කණ්ඩායමේ Sophie Ecclestone පන්දු යැවීමේ දී කඩුලු 4ක් දවා ගනු ලැබුවා.
ලකුණු 320ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 42.3කදී ලකුණු 194කට සියලු දෙනා දැවී ගියා.
Marizanne Kapp ලකුණු 20කට කඩුලු 5ක් දවා ගනිමින් එංගලන්ත ඉනිම සුණු විසුණු කිරීමට සමත් වුණා.
1973ක ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරඟ බිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.
මේ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම්වලින් පසු අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන රට බවට දකුණු අප්‍රිකානු කණ්ඩායම පත් වනවා.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට මීට පෙර අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයේ දී එංගලන්තය සමඟ ක්‍රීඩා කර තිබූණ ද එම අවස්ථා දෙකේදීම ඔවුන් පරාජයට පත් වුණා.
තවද සමස්ථයක් ලෙස දකුණු අප්‍රිකානු පිරිමි හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.
කාන්තා සහ පිරිමි යන අවස්ථා 9කදී එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ක්‍රීඩා කර ඇති වුවද අද ලැබූ ජය හැරෙන්න අවස්ථා 7කදීම පරාජයට පත්වුණා.