×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි

Foreign  •  Published on: 2025-10-30 06:40:36

චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුව අද (30) දකුණු කොරියාවේ Busan නගරයේ දී සිදුව තිබෙනවා.

එම හමුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත්තේ චීනයේ හා අමෙරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මත භේද මඟ හැරීම කළ නොහැක්කක් වන බවත් ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවත්ය.

එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණු දීමේ දී චීන අමෙරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා තමන් සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශාන්තියකින් යුක්තව සමස්ථ තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු බවද චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

චීන ජනාධිපතිවරයා පවසන්නේ චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ‘අමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බවයි.

දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන් අත්කර ගත හැකි බවත් චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථාවාදී අවශ්‍යතාවක් බව චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ චීන අමෙරිකාව සබඳතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ දෙරටේ සංවර්ධනයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවයි.