රජයේ වෛද්‍ය සංගමයෙන් හෙට දීප ව්‍යාප්ත වර්ජනයක්
Local • Published on: 2025-10-30 15:37:50
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ සියලුම රෝහල් මේ සඳහා සහභාගී වන බවයි.
මේ අනුව දෛනික ප්‍රතිකාර සේවා සියල්ල හෙට (31) අඩපණ වනු ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ නම් වැඩවර්ජනය පිළිබඳව නැවත සලකා බැලීමට සුදානම් බවයි.
"සෞඛ්‍ය පද්ධතියේ බරපතළ ගැටළු ගණනාවක් මධ්‍යයේ මේ කටයුතු කරගෙන යන්නේ. වෛද්‍යවරු හිඟයි, කාර්ය මණ්ඩලයේ ගැටළු ගණනාවක් තියෙනවා.
ඒ වගේම රෝගීන් සඳහා ලබාදෙන පහසුකම්වල ගැටළු, ඖෂධ හා උපකරණ හිඟය දවසින් දවස ඌග්‍ර වෙනවා. ඒ ගැටළු මධ්‍යයේ මේ කටයුතු කරගෙන යන්නේ.
කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගට වෛද්‍යවරු පීඩාවට ලක්කරනවා"