×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

STC හිටපු සභාපතිට ඇප

Local  •  Published on: 2025-10-31 12:55:45

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

2015 වසරේ එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රු 99,679,799.70ක පාඩුවක් සිදුකිරීම හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයන්ට සලසා දීම තුළින් දූෂණය නමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.