×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF  •  IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි  •  අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද  •  මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්  •  ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව

වෛද්‍ය වර්ජනය අත්හිටුවීම ගැන GMOA වෙතින් නිවේදනයක්

Local  •  Published on: 2025-10-31 15:33:54

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සිදුවීමක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සුදානම් කර තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ දැක්වෙන්නේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ උත්සාහයට එරෙහිව අද (31) දිනයේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට සිය සංගමයට සිදුවූ බවයි.

මේ අනුව සිය සංගමය විසින් මධ්‍යම කාරක සභාව විසින් අද (31) දින උදෑසන 8 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ අතරවාරයේ ඊයේ (30) දින සිය සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එම සංගමය පෙන්වා දෙනවා.

වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එහිදී මෙම ස්ථාන මාරු ගැටලුව පිළිබඳව එකඟතාවන් කිහිපයකට එළැඹුණු බවයි.

මේ අනුව අදාළ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සහ ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ කාල සටහන ලිඛිතව ප්‍රකාශයට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට යම් කාලයක් ලබාදෙමින් අද (31) උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිත තිබූ වැඩ වර්ජනය ආරම්භ කිරීම දහවල් 12 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවද එම සංගමය සඳහන් කරනවා.

අනතුරුව එකඟ වූ පරිදි අක්‍රමවත් ස්ථාන මාරු නියෝග අත්හිටුවමින් විධිමත් ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙමින් එයට අදාළ කාල රාමුව සහිත ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බවත් මේ අනුව අද (31) දහවල් කාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා මෙම සියලු කරුණු සහ තත්ත්වයට පිළිබඳ සමාලෝචනයක් සිදුකර අදට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔවුන් එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.